විදුහල්පති පණිවුඩය
මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය

විද්‍යාලයේ නව වෙබ් අඩවිය එළි දක්වන මේ මොහොතේ මගේ සුබ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටිනි.
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර කොට්ඨාසයේ තලල්ල උතුර ග්‍රාමයේ කැකණදුර නගරය ආසන්නයේ පිහිටි මෙම පාසල ආරම්භ කිරීම සදහා තලල්ලේ සිරිධම්ම රක්ඛිත හිමියන්ගේ මග පෙන්වීම මත මාර්ටින්ද සිල්වා ජයසිංහ ගුණසේකර මුහන්දිරම් රාලහාමි මූලිකත්වය ගෙන ඇත.පාසලේ භූමි භාගය “කෑල්ලගෙහේන” නැමති ඉඩම ප්‍රදේශවාසීන් විසින් සිය කැමැත්තෙන් පරිත්‍යාග කර ඇත.මේ සියලු දෙනාගේ කැපවීම අගය කරමි.
1949.01.01 දින “සිරි දහම් රැකි පාසල” ලෙස තලල්ල උතුර ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ්මෙමමෙමසල 1949.01.04 “තලල්ල උතුර රජයේ පාසල” නමින් රජයට පවරා ගන්නා ලදී.1077.01.24 දින තලල්ල උතුර මහා විද්‍යාලය බවට උසස් විය.1999.01.01 ස්වර්ණ ජයන්තියෙන් මද කලකට පසුව තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය ලෙස නම් කරණ ලදී.වර්තමානයේ මෙම පාසල ජාතික පාසලක් බවට පත් කිරීමට යෝජිත ය.
වර්තමානයේ මෙම පාසල තලල්ල උතුර ප්‍රදේශයේ දරුවන්ට පමණක් නොව අවට ග්‍රාම සේවා වසම් රාශියක දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන දෙවිනුවර කොට්ඨාසයේ කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත.ජාතික සහ පළාත් මට්ටමේ අධ්‍යාපනික ජයග්‍රහණ මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට දම්විදු දරුවන් සමත්ව ඇත.ඒ සදහා පාසල ආරම්භයේ සිට මේ දක්වා මෙම පාසලේ සේවය කළ සහ දැනට මෙහි සේවය කරන විදුහල්පතිවරුන්,ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාගේ කැපවීම අගය කළ යුතු ය.
එසේම මෙම පාසලේ ස්වර්ණමය ඉතිහාසය තුළ පාසල අභිමානයට පත් කිරීම සදහා නන් අයුරින් දස්කම් දැක් වූ දම්විදු දරුවන්ද මම අගය කොට සලකමි.විද්‍යාලයේ 74 වසරක දීර්ඝ ගමන නොනැවතී ඉදිරියටම යන්නට නන් අයුරින් දායකත්වය ලබා දුන්, නොපසුබට ව තම යුතුකම් හා වගකීම්වලට උරදුන් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල දෙමව්පියන්,ආදි සිසුන්,සුබ පතන්නන් ඇතුළු සියලු දෙනාට මාගේ හද පිරි කෘතඥතාවය පුදකර සිටිමි.
විශිෂ්ට පාසලක් බවට පත්වීම සදහා නොනැවතී ඉදිරියට යන්න.
B.W.D.කුමාරිහාමි (විදුහල්පතිනි)