ධර්මවිජය මහ විදුහල් මාතා
වැජඹේ වැජඹේ කිතු දද නංවා වැජඹේ
ගුණ දහමින් හෙබි නැණ ගුණයෙන් සැදි
පුරවැසි පිරිසක් රටට සදා
ධර්මවිජය මහ විදුහල් මාතා //
දියුණුවෙ දොර හැර යහමග හෙළි කර
යොමු කළ ජීවය කෙසරු විදා
ගුණ දහමින් හෙබි නැණ ගුණයෙන් සැදි
පුරවැසි පිරිසක් රටට සදා
ධර්මවිජය මහ විදුහල් මාතා //
රුහුණෙහි ජනිතවු වීර පුතුන් ගැන
සිහිකර සැම දින උදය හවා
රට දැය නංවමු ඔබෙ ගුණ සමරමු
නමදිමු විදුහල් මවුනි දයා
ධර්මවිජය මහ විදුහල් මාතා //