![]() ![]() |
![]() |
![]() |
කුප්පියාවත්තේ ජයසේකරාමාධිපති තලල්ලේ සිරිධම්ම රක්ඛිත හිමියන්ගේ මග පෙන්වීමෙන් හා මාර්ටින්ද සිල්වා ජයසිංහ ගුණසේකර මුහන්ධිරම් රාලහාමිගේ මූලිකත්වයෙන් 1949.01.01 දින “සිරි දහම් රැකි පාසල” නමින් මෙම පාසල ආරම්භ කර ඇත.එහිදී භූමි භාගය ලෙස තෝරා ගත් අක්කර 01 පර්චස් 24 යි රූඩ් 02 ක් වූ “කෑල්ලගෙහේන” නැමැති ඉඩම ප්‍රදේශවාසින් සිය කැමැත්තෙන්ම පරිත්‍යාග කරන ලද්දකි.
1949.01.04 දින රජයට පවරා ගන්නා ලද අතර,ආරම්භක විදුහල්පතිවරයා වූයේ එස්.ඒ.බාලපටබැදි මහතාය.ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 40 කි.ප්‍රථම ශිෂ්‍යයා වන්නේ ඩී.බී.ජයතිස්ස වේ.1949.01.06 දින උදේ 09.29 ට යෙදුණු සුබ මොහොතින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අකුරු කියවා පාසලේ කටයුතු ආරම්භ වූ බව සදහන්ව ඇත.



